Blogs ලියන්න පටන් ගන්න ඕනේ කියල හිතන් හිටියට ඒක පටන් ගන්නේ කොහොමද කියන එක ගැන හරි අදහසක් තිබුනේ නෑ. දවස් දෙකකට විතර කලින් internet එකේ ඉන්නකොට blooger site එක දැක්කේ.
කොහොම හරි ගැටගහගෙන අපිට කියල blog site එකක් හදාගත්ත.
මාව ආශ්‍රය කරන අය මගේ අදහස් ගැන දන්නවා කියල මම හිතන් ඉන්නවා. ( වැරදි වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා ) ඒ අදහස් තව ටිකක් නිදහසේ කියල දාන්නත් , ඒ ගැන අනිත් අයගේ අදහස් දන ගන්නත් මේ site එක පාවිච්චි කරන්න හොඳයි කියල හිතෙනවා.ඒක හින්ද මේ site එකේ බ්ලොග්ස් කියවන ඈයෝ තමන්ගේ අදහස් කියල දාන එක මගේ දියුණුවට හොඳයි.
ඔක්කොටම ඉස්සෙල්ල blogs කොහෙන්ද ආවේ කියල දැනගත්තොත් හොඳ නැද්ද .
Blog කියන වචනේ ආවේ weblog කියන වචනයෙන්. මේ weblog කියන වචනය මුලින්ම ලිව්වේ john barger 1997 දෙසැම්බර් 17 වෙනිදා.ඒක peter merholz 1999 මැයි වල ජොලියට වගේ we blog කියල ලිව්වා. ඒක දෙකක Even Williams , Blog කියන කෑල්ල අරගෙන අලුත් වචනයක් හැදුවා.
ඇත්තටම Blogs කියන්නේ නිදහසේ අදහස් ලියන්න පුළුවන් ක්‍රමයක්. අනුන්ගේ අදහස් ගැන අපිටත් කතා කරන්න පුළුවන් ඒ ක්‍රමය පාවිච්චි කරලා.
දැනට internet එක බොහොමයක් උන් අපහරණය කරන හින්ද මේ වගේ සොච්චම් උත්සාහයක් අරගෙන හොඳ දෙයක් බෝ කරන්න ඇත්නම් කියල හිතෙනවා.
ඉස්සරහට ලියල බලමු.
මට ලියන එක ගැන හැම තිස්සෙම හිතෙන්නේ Dr. රුවන් ජයතුංග හින්ද. එයා ලියන ඒවා කියවන කොට ලියන්නමයි හිතෙන්නේ. මම මේ වෙනකොට මොනවා හරි හොඳ දෙයක් සමාජයට කරනවානම් ඒක start කරලා දුන්නේ Dr. රුවන්. Thank You !