Search This Blog

Saturday, November 11, 2023

නො දැනීම

වලාවක් නෑ දැක්කේ , 

හුළඟ නෑ දැවටෙන්නේ, 

උණුසුමත් දැනෙනවා,

ඒත් නැහැ ඉර අහසේ.


අඳුර තිබුනත් ගුවනේ,

අමාවක නෙමෙයි අද,

රාහු අල්ලන්ද සඳ,

සිසිල දැනුනත් නැත්තේ.


සුවඳ දැනුනත් ළඟින්,

මල නොමැත පෙනෙන්නට,

පාට මතකයි තවම,

සුමුදු බව පෙළයි හද.


සිසිලස ත් උණුසුමත්,

පැහැය හා සුවඳ පොද,

පෙළයි හද නොදැකීම,

සෙල්ලිපිය සේ ඇතත්,

නිදන් වී මතක පොද,

නොදැනීම ගියාවද,

මතකයට නොකියාම.