Search This Blog

Thursday, January 7, 2016

දෙපැත්ත


මේ කතාව stephen කියල පොරක් academictips.org එකට 2014 ලියල තිබ්බ කතාවක අනුවර්තනයක්.

මම ඉස්කෝලේ පොඩි පන්තියක ඉන්න කාලෙ වුන සිද්ධියක්. දවසක් මම පන්තියේ කෙල්ලෙක් එක්ක රණ්ඩුවක් පටන් ගත්ත . හේතුව මොකක්ද කියල මට හරියට මතක නෑ. හැබැයි හොඳටම බැනගත්ත කියල නම් මතකයි.
මම හිටියේ මම තමයි හරි එයා වැරදියි කියන මතයේ. එයා හිටියෙත් එයා හරි මම තමයි වැරදි කියන තත්වයේ. ඔය ගෝරිය ටික වෙලාවක් තදින්ම යනකොට පන්ති භාර ටීචර් වැඩේට මැදිහත් වුනා.

එයාට ඕන වෙලා තිබුන මේක පන්තියටම කියලා දෙන්න.

එයා අපි දෙන්නව පන්තියේ ඉස්සරහ තිබ්බ ඩෙස්ක් එකක දෙපැත්තේ තිබ්බ. ඒ ඩෙස්ක් එක මැද්දේ රෙද්දකින් කවර් කරපු බෝලයක් තියලා අපි දෙන්නට ඒක දිහා බලන්න කියල රෙද්ද අයින් කලා. ඊට පස්සේ මගෙන් ඇහුව බෝලේ පාට මොකක්ද කියල මගේ උත්තරේ වුනේ " සුදු ". මාත් එක්ක ඇරගත්තු කෙල්ල ඩෙස්ක් එක එහා පැත්තේ ඉඳන් දුන්න උත්තරේ " කළු ". මම උඩ ගියා. මේ යසට පේන සුදු බෝලේ මේකි කියනවා කළුලු. ටීචර් අපි දෙන්නගේ පැත්ත මාරු කරා.
ඊට පස්සේ අර ප්‍රශ්නෙම ආයෙත් ඇහුවා. මම බෝලේ දිහා බැලුව. අප්පට සිරි ! ඒ පාර ඒක කළු පාටයි. කෙල්ල කිව්ව සුදු කියලා. බෝලේ දෙපැත්ත පාට දෙකක්.

ටීචර් කියලා දුන්න පාඩම තවම මතකයි. හැම ප්‍රශ්නයටම දෙපැත්තක් තියෙනවා. පැත්තක් ගන්න කලින් අනිත් පැත්ත ගැනත් හිතල බලන්න ඕනේ  නේද ?

පටන් ගැන්ම.



Blogs ලියන්න පටන් ගන්න ඕනේ කියල හිතන් හිටියට ඒක පටන් ගන්නේ කොහොමද කියන එක ගැන හරි අදහසක් තිබුනේ නෑ. දවස් දෙකකට විතර කලින් internet එකේ ඉන්නකොට blooger site එක දැක්කේ.
කොහොම හරි ගැටගහගෙන අපිට කියල blog site එකක් හදාගත්ත.
මාව ආශ්‍රය කරන අය මගේ අදහස් ගැන දන්නවා කියල මම හිතන් ඉන්නවා. ( වැරදි වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා ) ඒ අදහස් තව ටිකක් නිදහසේ කියල දාන්නත් , ඒ ගැන අනිත් අයගේ අදහස් දන ගන්නත් මේ site එක පාවිච්චි කරන්න හොඳයි කියල හිතෙනවා.ඒක හින්ද මේ site එකේ බ්ලොග්ස් කියවන ඈයෝ තමන්ගේ අදහස් කියල දාන එක මගේ දියුණුවට හොඳයි.
ඔක්කොටම ඉස්සෙල්ල blogs කොහෙන්ද ආවේ කියල දැනගත්තොත් හොඳ නැද්ද .

Blog කියන වචනේ ආවේ weblog කියන වචනයෙන්. මේ weblog කියන වචනය මුලින්ම ලිව්වේ john barger 1997 දෙසැම්බර් 17 වෙනිදා.ඒක peter merholz 1999 මැයි වල ජොලියට වගේ we blog කියල ලිව්වා. ඒක දෙකක Even Williams , Blog කියන කෑල්ල අරගෙන අලුත් වචනයක් හැදුවා.

ඇත්තටම Blogs කියන්නේ නිදහසේ අදහස් ලියන්න පුළුවන් ක්‍රමයක්. අනුන්ගේ අදහස් ගැන අපිටත් කතා කරන්න පුළුවන් ඒ ක්‍රමය පාවිච්චි කරලා.

දැනට internet එක බොහොමයක් උන් අපහරණය කරන හින්ද මේ වගේ සොච්චම් උත්සාහයක් අරගෙන හොඳ දෙයක් බෝ කරන්න ඇත්නම් කියල හිතෙනවා.
ඉස්සරහට ලියල බලමු.
මට ලියන එක ගැන හැම තිස්සෙම හිතෙන්නේ Dr. රුවන් ජයතුංග හින්ද. එයා ලියන ඒවා කියවන කොට ලියන්නමයි හිතෙන්නේ. මම මේ වෙනකොට මොනවා හරි හොඳ දෙයක් සමාජයට කරනවානම් ඒක start කරලා දුන්නේ Dr. රුවන්. Thank You !