Search This Blog

Thursday, January 7, 2016

දෙපැත්ත


මේ කතාව stephen කියල පොරක් academictips.org එකට 2014 ලියල තිබ්බ කතාවක අනුවර්තනයක්.

මම ඉස්කෝලේ පොඩි පන්තියක ඉන්න කාලෙ වුන සිද්ධියක්. දවසක් මම පන්තියේ කෙල්ලෙක් එක්ක රණ්ඩුවක් පටන් ගත්ත . හේතුව මොකක්ද කියල මට හරියට මතක නෑ. හැබැයි හොඳටම බැනගත්ත කියල නම් මතකයි.
මම හිටියේ මම තමයි හරි එයා වැරදියි කියන මතයේ. එයා හිටියෙත් එයා හරි මම තමයි වැරදි කියන තත්වයේ. ඔය ගෝරිය ටික වෙලාවක් තදින්ම යනකොට පන්ති භාර ටීචර් වැඩේට මැදිහත් වුනා.

එයාට ඕන වෙලා තිබුන මේක පන්තියටම කියලා දෙන්න.

එයා අපි දෙන්නව පන්තියේ ඉස්සරහ තිබ්බ ඩෙස්ක් එකක දෙපැත්තේ තිබ්බ. ඒ ඩෙස්ක් එක මැද්දේ රෙද්දකින් කවර් කරපු බෝලයක් තියලා අපි දෙන්නට ඒක දිහා බලන්න කියල රෙද්ද අයින් කලා. ඊට පස්සේ මගෙන් ඇහුව බෝලේ පාට මොකක්ද කියල මගේ උත්තරේ වුනේ " සුදු ". මාත් එක්ක ඇරගත්තු කෙල්ල ඩෙස්ක් එක එහා පැත්තේ ඉඳන් දුන්න උත්තරේ " කළු ". මම උඩ ගියා. මේ යසට පේන සුදු බෝලේ මේකි කියනවා කළුලු. ටීචර් අපි දෙන්නගේ පැත්ත මාරු කරා.
ඊට පස්සේ අර ප්‍රශ්නෙම ආයෙත් ඇහුවා. මම බෝලේ දිහා බැලුව. අප්පට සිරි ! ඒ පාර ඒක කළු පාටයි. කෙල්ල කිව්ව සුදු කියලා. බෝලේ දෙපැත්ත පාට දෙකක්.

ටීචර් කියලා දුන්න පාඩම තවම මතකයි. හැම ප්‍රශ්නයටම දෙපැත්තක් තියෙනවා. පැත්තක් ගන්න කලින් අනිත් පැත්ත ගැනත් හිතල බලන්න ඕනේ  නේද ?

No comments:

Post a Comment