සඳුද නැත
එළිය නැතඅඳුර ඇත
කුරුළු කූජන නොමැත
තත්සරක හඬද නැත
සුළගේ හඬ ගසක නද
ගොළුවෙලා කිසිත් නැත
මුවේ නැත හිනාවක්
නැත කවට කතාවක්
වැහි වලා බර වෙලා
සුදු මූණ මැලවිලා
පොඩි පුතා ලෙඩ වෙලා
මගේ ලොවම කලුවෙලා
කුරුළු කූජන ඇසෙන
තත්සරක හඬ වැයෙන
සුළගේ හඬ ගසක නද
පුරා දෙසවන ඇසෙන
හෙට නේද ඒ දිනය.
හිරු එන්න
සඳු එන්න
අඳුර එළවා දමා
එලිය ලෝකෙට එන්න
මගේ ලොවට පන දෙන්න
පොඩි පුතේ හොඳ වෙන්න.
No comments:
Post a Comment